විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා
මෙම ළමා රැදවුම් නිවාසය සදහා විවිධ වු නීති විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වු ළමුන් ගරු අධිකරණය මගින් දින 14 රදවා තැබීමට යොමු කරන මධ්‍යස්ථානයක් වේ. විශේෂයෙන් මෙම ළමුන් ස්ත්‍රී දුෂන , සොරකම් , මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි , මිනි මැරුම් වැනි භයානක ගනයේ අපරාධ සදහා රදවා තබනු ලබයි. එම ළමුන් සදහා රැකවරණය හා ආරක්ෂාව පෝෂණය සපයමින් නියමිත දිනට ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ආයතනයේ වගකීම වේ.