• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00

පුවත්

2026-02-09

හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි පළමු ස්ථානය දිනාගැනීම - "BARA Award 2024"


දිවයිනේ සියළුම පළාත් සභා ආයතන අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි පළමු ස්ථානය දිනාගැනීමට දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "BARA Award 2024" සම්මාන උළෙලේදී 2024 වර්ෂය වෙනුවෙන්, පලාත් සභා දෙපාර්තමේන්තු අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි රන් සම්මානය සහ දිවයිනේ සියළුම පලාත් සභා අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි පළමු ස්ථානය දිනාගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් විය.

2025-09-22

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 – අයදුම්පත් කැඳවීම


දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 – අයදුම්පත් කැඳවීම **** වැඩිදුර තොරතුරු සඳහා බාගැනීම් පරීක්ෂා කරන්න.

2025-07-18

ඵලදායිතා සම්මාන 2025 තරගාවලිය සඳහා නිර්ණායක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන


ඵලදායිතා සම්මාන 2025 තරගාවලිය සඳහා නිර්ණායක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

2025-03-07

දකුණු පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන කළමනාකරණ සහකාර (සහකාර පාලිකාව / ගෘහ මව / උපස්ථායක) III ශ්‍රේණියේ (2 කාණ්ඩය) තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2025 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.


නව අයදුම්පත් කැඳවීම – දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ (MN-1) III ශ්‍රේණියේ (සහකාර මේට්‍රන්/නිවාස මාතා/සාත්තු සේවිකා) තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2025 වැඩි විස්තර: https://drive.google.com/file/d/1MQy8PkgbPVhe5DcOmBsAcnzzhbMHk9_C/view

2024-06-19

පොසොන් බැති ගී සරණිය-2024

ප.ව.04.00
කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී

පොසොන් පොහය හා සමගාමීව දකුණු පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ "පොසොන් බැති ගී සරණිය - 2024" ජුනි මස 19 දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සදහා රජයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන වල දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසික කාන්තාවන්, රජයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන වල නිලධාරීන්, පරිවාස කාර්යාල වල නිලධාරීන් , සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , පරිවාස දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරනු ලැබීය. සංගීතය - දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම (සප්තා)

2024-06-20

පාන් දන්සල

ප.ව.02.00
ගාල්ල මහ නගර සභාව ඉදිරිපිට

පොසොන් පොහොය හා සමගාමීව දකුණු පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ "උණු උණු පාන් සමග පොල් සම්බල් දන්සල " ජුනි මස 20 දින ගාල්ල මහ නගර සභාව ඉදිරිපිටදී පවත්වන ලදී. මේ සදහා කොමසාරිස්තුමිය ඇතුලු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදල්,අමු ද්‍රව්‍ය හා ශ්‍රම පරිත්‍යගයෙන් සිදු කරනු ලැබීය.

2024-05-22

වෙසක් පොහොය නිමිත්තෙන් පැවත්වූ කඩල දන්සල - 2024

ප.ව.02.00
කිතුලම්පිටිය පරිවාස පළාත් කාර්යාල පරිශ්‍රය

2024 වෙසක් පොහොය හා සමගාමීව දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2024 මැයි මස 22 වන දින සවස 2.00 ට කිතුලම්පිටිය පරිවාස පළාත් කාර්යාල පරිශ්‍රෙය්දී පැවත්වන ලදී.

2024-05-21

සීල සමාදාන වැඩසටහන 2024


කොට්ටව නාග ආරණ්‍ය සේනාසන විහාරස්ථානය

ආයතනගත දරුවන්ගේ මානසික සුවතාව වෙනුවෙන් සහ වෙසක් පෙහොය නිමිත්තෙන් දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ සීල සමාදාන වැඩසටහනක් 2024.05.21 දින කොට්ටව නාග ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.

2024-05-16

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 04

ප.ව.02.00
කිතුලම්පිටිය පළාත් කාර්යාලය

උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2024.05.16 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

2024-03-28

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 03

ප.ව.02.00
කිතුලම්පිටිය පළාත් කාර්යාලය

උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2024.03.28 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

2024-02-16

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 02


කිතුලම්පිටිය පළාත් කාර්යාලය

උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2024.02.16 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

2023-12-18

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 01


කිතුලම්පිටිය පළාත් කාර්යාලය

උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2023.12.18 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

2023-11-28

දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන - 2023

ප.ව.02.00
දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලය

දකුණු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ,නොමග ගිය හා සමාජ අසාධාරනයන්ට ලක්වූ ළමුන් සඳහා රැකවරනය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්යභාරයවේ. ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ ,අසරණ හා අතහල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමුකිරීම විවිධ හේතුන් මත සිදුවේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව , ආදී විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමුකරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත. ඒ අනුව 2023 වර්ෂය සඳහා අදියර 02ක් වශයෙන් ශිෂ්‍යාධාර ලබාදීම සිදුකරන ලද අතර, ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යාධාරලාභීන් 190 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 60ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 152ක් වශයෙන් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව එක් ශිෂ්‍යාධාරලාභියෙක් සඳහා රු. 18,000.00 බැඟින් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා රු. මිලියන 7.2ක මුදලක් දකුණු පළාතේ ආයතනගත වීමට අවධානමක් ඇති දරුවන්ගේ සුභසිද්ධිය සඳහා ශිෂ්‍යාධාර වශයෙන් ලබාදෙනු ලැබීය. 2023 වර්ෂයට අදාල ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවය 2023 නොවැම්බර් මස 28 වන දින සවස 2.00 ට දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලැබූ අතර, ඒ සඳහා දකුණු පළාත් ක්‍රීඩා,සංස්කෘතිය අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ අයි දිසානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වීය.

2023-11-17

දැනුවත් කිරීමේ වැඩසටහන


දික්වැල්ල ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය

2023.11.17 දින වැඩිහිටි හා අබාධිත නිවාස පාලක පාලිකාවන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන දික්වැල්ල ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණ.

0000-00-00

දකුණු පළාතේ අඩු ආදායම්ලාභි දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම


දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ අඩු ආදායම්ලාභි දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර 2023 වර්ෂයට අදාලව දකුනු පලාතේ ප්‍රා. ලේ කාර්යාල 50ම නියෝජනය වන පරිදි පාසල් උපකරණ කට්ටල 440ක් ලබාදීම සිදුකරන ලදී.

2023-07-11

ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්වූලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ ලබාදීම

පෙ.ව.08.00
දෙපාර්තමේන්තු පරිශ්‍රය

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධ සහිත අඩු ආදායම්වූලාභීන් සඳහා ශ්‍රවණ උපකරණ ලබාදීම 2023/07/11 දින දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දීසිදුකෙරිණි.

2023-06-08

දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන - 2022

පෙ.ව.10.07
දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලය

දකුණු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ,නොමග ගිය හා සමාජ අසාධාරනයන්ට ලක්වූ ළමුන් සඳහා රැකවරනය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්යභාරයවේ. ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ ,අසරණ හා අතහල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමුකිරීම විවිධ හේතුන් මත සිදුවේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව , ආදී විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමුකරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත. ඒ අනුව 2022 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභීන් 50ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 50ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභීන් 46ක් ලෙස සම්පූර්ණ ප්‍රතිලාභීන් 146ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම සිදුකරයි. ඒ අනුව 2022 වර්ෂය සඳහා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 1.752 (රු.1,752,000.00) ක මුදලක් ශිෂ්‍යාධාර ලෙස දකුණු පළාතේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ලබාදීම සිදුකෙරේ. 2022 වර්ෂයට අදාල ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවය 2023 මැයි 30 වන දින දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා දකුණු පළාත් ක්‍රීඩා,ග්‍රාම සංවර්ධන ... අමාත්‍යංශයේ ගරු ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සංදීපනී එන් දම්මුල්ලගේ මෙනෙවිය, දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ටී ජී එස් සෙව්වන්දි මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී විය.

2023-05-29

ශ්‍රමදානමය පිංකම

පෙ.ව.09.26
ගාල්ල ඉමදූව ධර්ම විජය ආරණ්‍ය සේනාසනය

දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් 2023 වසරේ වෙසක් උත්සවය හා සමගාමීව ශ්‍රමදානමය පිංකමක් සංවිධානය කරනු ලැබිණි. එම වැඩසටහන ගාල්ල ඉමදූව ධර්ම විජය ආරණ්‍ය සේනාසනයේදී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.