විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා
දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හික්කඩුව, පතන පිහිටි සහතික කල පාසලෙහි ආරම්භය 1952 වර්ෂයයි. විලියම් හැරී වනිගතුංග මුදලිතුමාට අයත්ව තිබූ අක්කර 19ක පමණ භූමියක පිහිටියාවූ වලව්වක ලංකාවේ පලමු වන සහතික කල පාසල ලෙසට මෙය ස්ථානපනය කර ඇත. මෙය ලේක් ස්කූල් නමින් මුල් කාලයේදී හඳුන්වා ඇති අතර පාසලේ ආරම්භක විදුහල්පති ජේ.වී හිල් නැමැති ඉංග්‍රීසි ජාතිකයෙකි. එතැන් පටන් විවිධ විදුහල්පතවරු යටතේ ආයතනයකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් සිදුවෙමින් දකුණු පළාත් සභාව යටතේ පාලනය වීම සිදු වෙයි. 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥාපනතේ 51 වැනි වගන්තිය යටතේ පිහිටුවා ඇති මෙම ආයතනයට සමාජ අසාධාරණයට ලක්වන වයස අවුරුදු 12-18 අතර වන පිරිමි දරුවන් අධිකරණයට යොමු කිරීමෙන් පසුව ඇතුලත් කිරීම සිදුවේ. වර්තමානයේ වයස් සීමාව 22 දක්වා වැඩි කර ඇත.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සපයනු ලබන සේවාවන් අතර විශෝධන සේවාවට අයත් වන සහතික කල පාසලටම ආවේනික වූ ස්ථාවර නියෝග හා විවිධ අණපනත් යටතේ ක්‍රියාත්මක වන අතර විදුහල්පති ඇතුලු විධිමත් කාර්ය මණ්ඩලයක් යටතේ ළමුන් පුනුරුත්ථාපනය කිරීම/ තමාට රිසි වෘත්තීය පුහුණුව/ අඛන්ඩ අධ්‍යාපනයක් ලබා ගැනීම ඇතුලු අවස්ථා රැසක් ආයතනගත වන ළමයාවට හිමිවේ. පොලීසිය, පරිවාස නිලධාරී, අධිකරණය , පරිවාස දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය වැනි ආයතන හා සෘජුවම සම්සම්බන්ධය පවත්වා ගනිමින් ආයතන ගත කරනු ලබන ළමයා යහපත් පුද්ගලයකු බවට පත් කිරීමේ ක්‍රියාවලිය සහතික කල පාසල මහින් සිදු වේ.