විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා
ශ්‍රී ලංකාවේ පිහිටි එකම ළමා නිවර්තන ළමා නිවාසය පිහිටා තිබුණේ ගාල්ල කොග්ගලය. එය හික්කඩුව සහතික පාසල ආරම්භ වූවාට පසුව 1950-60 දශකයේ පිහිටවූ බවට අසා ඇත. 1977 ශ්‍රී ලංකාවේ ඇති වූ විත ආර්ථික ක්‍රමයත් සමඟ නිදහස් වෙළඳ කලාප බිග් විය. එම නිදහස් වෙළඳ කලාප සංකල්පය යටතේ කොග්ගල පිහිටි නිවර්තන නිවාස භූමිය නව වෙළඳ කලාපයක් පිහිටුවනු වස් අත්පත් කර්අ ගැණුනි. ඒ අනුව එම නිවර්තන නිවාසය තාවකාලිකව 80 දශකයේ මුල් භාගයේ හික්කඩුව සහතික කල පාසලේ එක් කොටසක ස්ථාපිත කරනු ලැබීය. පසුකාලීනව එම ආයතනය පිටුවිම සඳහා ගිං ගඟ යෝජනා ක්‍රමය යටතේ චීන ජාතිකයින්ට නවාතැන් සැපයූ චීන වැඩ කඳවුර ලෙස හැඳින්වූ බද්දේගම හල්පාතොට පිහිටි එම ස්ථානය 1991 දී පමණ හල්පාතොට ළමා සෙවණ නිවර්තන නිවාසය නමින් තිබූ ගොඩනැගිලි ආශ්‍රමයේම පිහිටුවනු ලැබීය. අක්කර 2 කට අධික භූමි භාගයකින් යුත් මෙම ආයතනය විවිධ භෞතික වෙනස්කම් සිදු කරමින් අද දක්වා පවත්වාගෙන යනු ලබයි. නිවර්තන නිවාස ආඥා පනත ප්‍රකාරව පිහිටුවා ඇති මෙම ආයතනය ගැහැණු හා පිරිමි ළමුන් දෙපිරිසම රැඳවිය හැකි එකම ළමා නිවර්තන නිවාසය වේ. මෙහි වයස අවුරුදු 6ත් 18ත් අතර වියේ පසුවන විවිධ අසරණ භාවයන්ට පත්වූ හා විවිධ නීතිමය ගැටළු වලට ලක්වූ දරුවන්ද වීථි දරුවනද ගරු අධිකරණ නියෝග මතින් පමණක් ඇතුළත් කරනු ලබයි. මෙම ආයතන ගත වන දරුවන් සඳහා සියලුම සත්කාර සේවාවන් සැපයෙන අතර අති බහුතරයක් දරුවන් ළඟම පිහිටි පාසලට ඇතුළත් කර අධ්‍යාපනය ලබා දී ඉන් අනතුරුව අවශ්‍ය දරුවන්ට වෘත්තීය පුහුණුවද ලබා දී සමාජගත කිරීම මෙම ආයතනයේ මුඛය පරමාර්ථය වී ඇත.