• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා

'මිහිරි ගෙදර' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

'මිහිරි ගෙදර' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

Event


  • ලිපිනය
    සේනානායක මාවත, වලහන්දූව, ගාල්ල
  • වර්ගය
    අවුරුදු 5 - 18ත් අතර ගැහැනු දරුවන්
  • දුරකථන අංකය
    0912248281

අප ආයතනය 2004 නොවැම්බර් මස 18 වන දින දකුණූ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචිය ඇතිව අප ආයතනය මිහිරි ගෙදර ගැහැනු ළමා නිවාසය යන නමින් එවකට හිටපු පළාත් කොමසාරිස්තුමියගේ සුරතින් ළමුන් 20 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් ලබා දියහැකි ළමා නිවාසයක් ලෙස ආරම්භ කරන ලදී.

අප ආයතනයේ නිර්මාතෘ දෙපල වන ඇන්ටන් ලොරෙන්සෝ ඛාචි හා ලුචිලා ඇන්ඩ්‍රයනෙල්ලි යන දෙපලගේ මූලිකත්වයෙන් 2004 නොවැම්බර් මස 18 වන දින ආරම්භ වූ අතර ලිංගික අපයෝජනය පත්වූ හා අනාථ, අසරණ, අත්හල දැරියන් 20 දෙනෙකු වෙනුවෙන් නේවාසික පහසුකම් සලසා ඇත. ආයතනගතවන සියලුම දැරියන්ගේ අධ්‍යාපනය, රැකවරණය හා ආහාර, සෞඛ්‍ය යන සියලු පහසුකම් ලබා දෙයි. අප ආයතනය මූලිකත්වයෙන් නේවාසිකව සිට සමාජගත වූ දැරියන් කිහිපදෙනෙකුට ඉඩම් ලබාගෙන නිවාස කිහිපයක්ද ඉදිකර එම නිවාස ඔවුන්ට ලබා දී ඇත. එමෙන්ම ඇතැම් දැරියන්ගේ දෙමාපියන් සතු නිවාසවල නවීකරණ කටයුතු කර ශිෂ්‍යාධාරද ලබා දී ඇත. විවිධ රෝගී තත්වයන්ට ලක් වූ දැරියන්ගේ විශාල සැත්කම් අප ආයතනය විසින් මැදිහත් වී සිදු කර ඇත. දැරියන් රැකීරක්ෂා වලට යොමු කර ඇති අතර ඔවුන්ගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට ස්වයං රැකියා අවස්ථාවලට දායකත්වය ලබා දී ඇත. තවද දැරියන්ගේ විවාහ කටයුතුද සිදුකර දී ඇති අතර මෙම ගත වූ කාලය තුල දැරියන් විශාල ප්‍රමාණයකට රැකවරණය සලසා දී ඇති අතර ඉදිරියටත් ආයතනය පවත්වාගෙන යාමට හැකිතාක් කාලයක් අප ආයතනගත වන දැරියන් වෙනුවෙන් ආදරය, කරුණාව, රැකවරණය, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආහාර යන සියලුම ලබාදිය හැකි උපරිම පහසුකම් ලබා දෙමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුවේ සහයෝගය ඇතිව දැරියන් වෙනුවෙන් කලහැකි උපරිම සේවාව සිදුකරමින් යහපත් දැරියන් සමාජගත කිරීම අප ආයතනයේ අරමුණයි.