විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
දිවයිනේ සියළුම පළාත් සභා ආයතන අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි පළමු ස්ථානය දිනාගැනීමට දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "BARA Award 2024" සම්මාන උළෙලේදී 2024 වර්ෂය වෙනුවෙන්, පලාත් සභා දෙපාර්තමේන්තු අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි රන් සම්මානය සහ දිවයිනේ සියළුම පලාත් සභා අතරින් හොදම වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාවට හිමි පළමු ස්ථානය දිනාගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් විය.