• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා

'සෝමාවතී සපරමාදු' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

'සෝමාවතී සපරමාදු' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

Event


  • ලිපිනය
    උදයමිත්ත මාහිමි මාවත, හරුමල්ගොඩ, හබරාදුව
  • වර්ගය
    අවුරුදු 5 - 18ත්‍ අතර ගැහැනු හා පිරිමි දරුවන්
  • දුරකථන අංකය
    0912282478

එස්.ඩී සපරමාදු මහතා විසින් 1999 වසරේ අංක 3434 දරණ ගිවිසුම ප්‍රකාරව වැඩිහිටි නිවාසයක් පිහිටුවීමේ අරමුණින් මූලික කටයුතු සම්පාදනය කල ද පසුව 2005 වර්ෂයේදී මෙම ඉඩම් හා ගොඩනැගිලි පරිත්‍යාග කරමින් සුනාමි ව්‍යසනයද පාදක කරගනිමින්a අත්හරින ලද හෝ දෙමව්පියන් අහිමි වූ දරුවන් සඳහා ළමා නිවාසයක් ආරම්භ කිරීම සහ පරිපාලනය කිරීම සඳහා නෙදර්ලන්තයේ Stichting Weeshuis Sri Lanka (SWSL) සමඟ අත්වැල් බැඳගනිමින් ස්තාපනය කරන ලදී. මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය " සෝමාවතී නිවස " නොහොත් " Holland House of Hope " යන නමින් පවත්වාගෙන යනු ලබයි. පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුවේ, ළමා ආරක්ෂක අධිකාරියේ සහ රාජ්‍යය නොවන සංවිධානයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යයාංශයේ ලියාපදිංචි වී ඇත (ලියාපදිංචිය අංක.FL-109304). ළමුන් සම්බන්ධව ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය ආයතන වල නිරන්තර අධීක්ෂණයට යොමු වේ.

පවුල් පරිසරයක් තුළ දරුවෙකුට හැදී වැඩීමට අවශ්‍ය මූලිකව අවශ්‍ය සාධක ලබා දෙමින්,පවුල් සංකල්පය මූලික කරගෙන මෙම වැඩපිළිවෙළ නිර්මාණය කර ඇත. කුඩා ගම්මානයක සාමාන්‍ය නිවසක සමානකමක් හැකිතාක් නිර්මාණය කිරීම තුළින් තම රැකවරණ මව සමඟ දරුවන් අටක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වාසය කරන නිවාස ඒකක පොකුරකින් සමන්විත වේ. සෑම මණ්ඩපයක්ම වැරන්ඩා, විසිත්ත සහ කෑම කාමරය, පැන්ට්‍රිය, ළමුන් සඳහා පොදු වැසිකිළි සහිත කාමර දෙකකින්, රැකවරණය මව සඳහා වෙනම කාමරයකින් වැසිකිළියක්, අංග සම්පූර්ණ සහ ඉවුම් පිහුම් පහසුකම්වලින් සමන්විත වේ. ක්‍රීඩා පිටිය, කුඩා ළමුන් සඳහා කුඩා ක්‍රීඩා ප්‍රදේශය, නිවසේ සියලුම දරුවන්ට සහ අඩු වරප්‍රසාද ලත් අසල්වැසියන් සඳහා සාමාන්‍ය වෛද්‍යවරයකු සමඟ වෛද්‍ය පහසුකම්, දන්ත ශල්‍යය වෛද්‍යයවරයකු සමඟ දන්ත වෛද්‍ය පහසුකම්, නිවසේ සිටින ළමුන්/කාර්ය මණ්ඩලය සහ වරප්‍රසාද ලත් අසල්වැසියන් සඳහා MLT සහිත වෛද්‍ය රසායනාගාර පහසුකම්, පෙර පාසල් ළමුන් 40 ක ධාරිතාවයකින් යුත් අසල්වැසි දරුවන් සඳහා පෙර පාසල් දෙකක් සම්පූර්ණයෙන්ම නොමිලේ දීම, නිවාසය තුළ ඇති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරය තුළ Gateway Computers (Pvt) Ltd සමාගම මගින් සියලුම දරුවන්ට තොරතුරු තාක්ෂණ විෂය උගන්වනු ලැබීම, ශරීර යෝග්‍යතා වර්ධන කාමරයක් සහ නිවසේ සිටින ළමුන් සඳහා රූපවාහිනී කාමරය, පාසල් වැඩ, වඩු වැඩ සාප්පුවක් සහ මහන කාමරයක් සමඟ අමතර උපකාරක පන්ති ලෙස , පහ වසර ශිෂ්‍යත්ව ,ගණිතය , විද්‍යාව , ඉංග්‍රීසි භාෂාව , භූගෝලය , සිංහල භාෂාව , සංගීතය , නැටුම් , නොවිදිමත් අධ්‍යාපනය යන විෂයන් සඳහා පන්ති නිවාසය තුළදී ලබා දීම අනිකුත් පහසුකම් වේ.