විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා
H.S.C.V ළමා ගම්මානය 2008.04.20 දින ආරම්භ කර ඇත. බාලිකා ළමා නිවාසයක් ලෙස බාලිකාවන් විසි දෙනෙකුත්, කළමණාකරු, රියදුරු හා පාලිකාවන් හතර දෙනෙකුගෙන් යුතුව ආරම්භ කරන ලදී. වෙහෙරහේන පූර්වාරාම විහාරස්ථානයේ පූජ්‍ය කෑගල්ලේ රතනසාර නායක හිමියන්ගේ මෙහෙය වීමෙන් ආයතනය ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අතර, මුල් අනුග්‍රහය බුෂ් ඉතාලියා රාජ්‍ය නොවන සංවිධානයෙන් ලබා දී ඇත. මුදල් ප්‍රතිපාදන ඉතාලි රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ලබා දේ.
දැරියන් 20 දෙනෙකු සඳහා රැකවරණ පහසුකම් සලසා ඇත. රැදැඉය හැකි වයස් සීමාව වනුයේ අවුරුදු 6 - 18 අතර දැරියන්ය. පාසල් අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙයි. පරිගණක අධ්‍යාපන හා මැහුම් පාඨමාලා සඳහා පහසුකම් ඇත. ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථයක් ද ඇත. දරුවන් පාසල් ගෙනයාම බස් රථයෙන් සිදු කරයි. සිකුරිටි සමාගමක් මඟින්, ආරක්ෂක නිලධාරීන් යොමු කර ඇත. දිවා කාලයට කාන්තා ආරක්ෂක නිලධාරිනියක් හා රාත්‍රී කාලයට පිටිමි ආරක්ෂක නිලධාරියෙක් සිටියි. ජලය, විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් වකින් සමන්විතය. දරුවන් වෙනුවෙන් අමතර පන්ති ආයතනය තුල පවත්වයි. තවද දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා සෙල්ලම් පිටියක් සහිත පහසුකම්ද ඇත.